News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jun
12

අලුත්වැඩියා කරන ලද AN 32 වර්ගයේ ගුවන් යානා 03 ගුවන් හමුදා සේවයට එක් කරයි ( photo)

605 Views


අලුත්වැඩියා  කරන ලද AN 32 වර්ගයේ ගුවන් යානා 03 ගුවන් හමුදා සේවයට එක් කරයි ( photo)

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ප්‍රවාහන ගුවන් ශක්තිය ඉහළ නැංවීමේ අරමුණෙන් අතිගරු ජනපති ගෝඨාභය රාජපක්ෂ මැතිදුන්ගේ උපදෙස් මත ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ මහතාගේ අධික්ෂණය යටතේ අංක 02 බල ගණයට අයත් යුක්‍රේනයේ නිෂ්පාදිත ඇන්ටනොච් 32 වර්ගයේ මගී ප්‍රවාහන ගුවන් යානා 03 ක් අලුත් වැඩියා කටයුතු සදහා 2020 අගෝස්තු මස යුක්‍රේනය වෙත යවා තිබු අතර අලුත් වැඩියා කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව එම ගුවන් යානා නැවත මෙරටට ගෙන එනු ලැබුවා.

මේ අනුව මෙම ගුවන් යානා ත්‍රිත්වය සක්‍රිය වීමත් සමග ගුවන් හමුදාවේ ප්‍රවාහන ගුවන් බලය 75% ක් පමණ ඉහල නැංවීමට හැකියාව ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

එම ගුවන් යනා මෙරටට පැමිණීමේ අවස්තාව සදහා ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න ගුවන් හමුදාපති ඇතුළු පිරිසක් එක්ව සිටියා.


News Articles
Latest Videos
Most Popular Post