News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jun
23

නීති විරෝධීව ආනයනය කළ විදෙස් දුම්වැටි තොගයක් හමුවෙයි

631 Views


නීති විරෝධීව ආනයනය කළ විදෙස්  දුම්වැටි තොගයක් හමුවෙයි

චීනයේ සිට ආනයනය කල අඩි 40 බහාලුමක් ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම භාණ්ඩ පරීක්ෂණ අංශයේ නිලධාරීන් විසින් පරීක්ෂා කිරීමේ දී එහි තුල තිබී නීති විරෝධි ව ආනයන කල චීනයේ නිෂ්පාදිත සිගරැට් තොගයක් සොයා ගන්නා ලදි.

මෙම බහාලුම ගෙලිඔය ප්‍රදේශයේ පිහිටි ආයතනයක නමින් මෙරටට ආනයනය කර ඇති අතර එහි මළු 1,415 ක අඩංගු යන්ත්‍රෝපකරණ සහ අමතර කොටස් තොගයක් අඩංගු බවට රේගුවට ප්‍රකාශ කර තිබීය. නමුත් එහි පෙට්ටියක හැඩයට සකස් කර කුඩා පුටු වශයෙන් රේගු ප්‍රකාශනයේ සඳහන් කර තිබුණු භාණ්ඩ පිළිබඳ සැක සිතුණ රේගු නිලධාරි මහතා එම කුඩා පුටුවක් ආකාරයේ පෙට්ටියක් කඩා පරීක්ෂා කිරීමේ දී එහි ඉතා සූක්ෂ්ම ලෙස සඟවන ලද සිගරැට් අඩංගු බව සොයා ගන්න ලදි.

ඒ අනුව සියලුම මළු පරීක්ෂා කිරීමේ දී මළු 60 ක අඩංගු චීනයේ නිෂ්පාදිත සිගරැට් 276,000 සොයන්නා ලදි. එම සිගරැට් තොගයේ වටිනාකම රුපියල් මිලියන 24.8 කට තක්සේරු කර ඇත. මෙම නීති විරෝධී ආනයනය සාර්ථක වූවා නම් එමගින් රජයට අහිමි වීමට තිබූ ආදායම රුපියල් මිලියන 20.5 බව ගණන් බල ඇත. මෙම ආනයන පිටුපස සිටින පුද්ගලයින් හඳුනා ගැනීම සඳහා වැඩිදුර විමර්ශන ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම භාණ්ඩ පරීක්ෂණ අංශයේ නිලධාරීන් විසින් සිදු කරනු ලබයි. විමර්ශන අවසානයේ භාණ්ඩ රාජසන්තක කොට අදාළ සැකකරුවන්ට දඩ පැනවීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post