News Line| Off Air
Generic placeholder image

Jun
29

මත් ද්‍රව්‍ය යොදා සකස් කරන ලද මුද්දර 1100ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

642 Views


මත් ද්‍රව්‍ය යොදා සකස් කරන ලද මුද්දර 1100ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී නීතිඥ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් පරිදි විශේෂ කාර්යය බලකා මූලස්ථාන සහකාර පොලිස් අධිකාරී අරුණ කටුගම්පල මහතාගේ උපදෙස් මත විශේෂ කාර්ය බලකාය මූලස්ථානය විශේෂ වැටලීම් ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂකසාගර කුලසේකර මහතා සහ පොලිස් පරීක්ෂකපීරිස් ඇතුළු කණ්ඩායමක් විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බුද්ධි අංශයේද සහයෝගය ඇතිව හොරණ පෝරුවදණ්ඩ ප්‍රදේශයේදී මත් ද්‍රව්‍ය යොදා සකස් කරන ලද මුද්දර 1100ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගන්නා ලදී .

තිස්හත් හැවිරිදි කුමාරවේල් රඝුනාදන් වන මෙම සැකකරු අත්අඩංගුවට ගන්නා ලද අවස්ථාවේදී මෙම මත්ද්‍රව්‍ය තැවරූ සින්තටික් මුද්දර ප්‍රමාණය අත්අඩංගුවට ගත් අතර එහි මුළු වටිනාකම රුපියල් ලක්ෂ 22ක් පමණ වේ .කොට්ටාව ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමඟ මෙම මත්ද්‍රව්‍ය තැවරු මුද්දර ජාවාරම සිදු කර ගෙන ගොස් ඇති අතර ඒවා විදේශීය රටකින් ගෙන්වන්නට ඇතැයි පරීක්ෂණ වලින් තහවුරු වේ .වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මෙම සැකකරු සහ මුද්දර ප්‍රමාණය හොරණ පොලිස් ස්ථානයට භාර දෙන ලදී .


News Articles
Latest Videos
Most Popular Post