News Line| Off Air
Generic placeholder image

Jun
30

දුම්රිය වැඩ වර්ජනයක්

506 Views


දුම්රිය වැඩ වර්ජනයක්

අද උදෑසන 08.00 සිට එක්දින වැඩ වර්ජනයක නිරත වන බව දුම්රිය එංජින් රියදුරන්ගේ සංගමය සදහන් කරනවා. ඒ දුම්රිය ප්‍රවේශ පත්‍ර විද්‍යුත් ක්‍රමයකට නිකුත් කිරීමට අදාළ ව්‍යාපෘතියක් විදෙස් සමාගමකට ලබාදීමට විරෝධය පළ කරමින්.

මේ පිලිබදව සදහන් කරමින් වැඩි දුරටත් දුම්රිය එංජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා පැවසුවේ,

“පසුගිය මාස කිහිපයක සිටම ජනාධිපතිවරයා ඇතුළු රජයේ ඉහළ බලධාරීන්ට වගේම දුම්රිය දෙපාර්තමේන්තුව සහ ප්‍රවාහන අමාත්‍යාංශ මට්ටමින් අපි දිගින් දිගටම දැනුවත් කළා කොළඹ තදාසන්න ව්‍යාපෘති කාර්යාලය නමින් පිහිටුවා ගත්ත ආයතනයක් තියෙනවා. මේකෙන් මේ වෙන කොට විශාල මුල්‍ය වංචාවක් ගන්නාවක් සිදුකරලා තියෙනවා. ආසියානු සංවර්ධන බැංකුව ණය අරගෙන ව්‍යාපෘතිවල සක්‍යතා අධ්‍යයන කරන්න කියලා ඩොලර් මිලියන 28ක් විතර මේ වෙන කොට වියදම් කරලා. මේ සඳහා අවසාන වශයෙන් අපට මැදිහත් වෙන්න තියෙන්නේ මේ වෘත්තීය ක්‍රියාමාර්ගයට අවතීර්ණ වෙලා.“ යනුවෙනි.


News Articles
Latest Videos
Most Popular Post