News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
1

වැසි තත්වයේ තරමක වැඩි වීමක්

492 Views


වැසි තත්වයේ තරමක වැඩි වීමක්

දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්වයේ තරමක වැඩි වීමක් අද දිනයේ දී (ජූලි 01) බලාපොරොත්තු විය හැක.

බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත් වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් නුවරඑළිය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ක පමණ තරමක් තද වැසි ද ඇතිවිය හැක.

ඌව සහ නැගෙනහිර පළාත් වලත් මුලතිවු දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


News Articles
Latest Videos
Most Popular Post