සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර තරඟ තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරඟාවලියේ දෙවන තරඟය අද ඕවල් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ මෙරට වේලාවෙන් පස්වරු 5.30ටයි.
දෙරට අතර පැවැති පළමු තරගයෙන් කඩුලු 05ක ජයක් වාර්තා කිරීමට එංගලන්තය සමත් වුණා.