එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 14කට සංචාරය කිරීම තාවකාලිකව තහනම් කිරීමට කටයුතු කර තිබෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකාව, ඉන්දියාව,පාකිස්ථානය, බංග්ලාදේශය, නේපාලය, දකුණූ අප්‍රිකාව, වියට්නාමය ඇතුළු රටවල් 14ක් සඳහා ලබන 21 වන දින දක්වා බලපැවැත්වෙන පරිදි එම තහනම පනවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.