News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
6

යුද හමුදාවෙන් ස්වයංක්‍රීය විෂබීජ හරණ යන්ත්‍රයක්

444 Views


යුද හමුදාවෙන් ස්වයංක්‍රීය විෂබීජ හරණ යන්ත්‍රයක්

යුද හමුදාවේ පර්යේෂණ, විශ්ලේෂණ හා සංවර්ධන ඒකකය නිෂ්පාදනය කළ දෑත් විෂබීජ හරණය කිරීමේ ස්වයංක්‍රීය යන්ත්‍රයක් අද (06) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත හඳුන්වා දෙනු ලැබූ අතර විෂබීජ හරණ දියර ලීටර් හතරක ප්‍රමාණයක් ගබඩා කිරීමෙන් පුද්ගලයන් 600කගේ දෑත් විෂබීජ හරණයටත්, විදුලි ආරෝපණයෙන් පසු පැය හතළිස් අටක් ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වීමේ හැකියාවත් යන්ත්‍රය සතු වෙනවා.

ආනයනය කිරීමට සාපේක්ෂව අඩු පිරිවැයකින් මෙම යන්ත්‍රය රට තුළදී නිෂ්පාදනයට හැකියාව පවතී. එම නිසා ලැබෙන ඇණවුම් වෙනුවෙන් යන්ත්‍ර නිෂ්පාදනයට සහ ඒ පිළිබඳ දැනුම අවශ්‍ය පාර්ශ්ව වෙත ලබාදීමට යුද හමුදා පර්යේෂණ ඒකකය සැලසුම් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post