අන්තර්ජාලය හරහා පාසල් සිසුන් ලිංගික අපයෝජනයට ලක් කළ පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත් අඩංගුවට ගත් අදාල සැකකරු 28 හැවිරිදි පුද්ගලයෙක් වන අතර ඔහු ජංගම දුරකතන සමාගමක අලෙවි නියෝජිතයෙකු ද වන බවයි පැවසෙන්නේ.
අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු අද මොරවක අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.