පෞද්ගලික අංශයේ සේවකයින්ගේ අවම වැටුප ඉහළ නැංවීමට අදාළ පනත් කෙටුම්පත කම්කරු කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාවට යොමුකර තිබෙනවා.
ඒ, අනුව දැනට පවත්නා අවම මාසික වැටුප රුපියල් 10000 සිට රුපියල් 12,500 දක්වා සහ අවම දෛනික වැටුප රුපියල් 400 සිට රුපියල් 500 දක්වා ඉහළ නැංවීමට අදාළව 2016 අංක 03 දරණ සේවකයින්ගේ අවම වේතන පනතේ 03 වන වගන්තිය සංශෝධනය කිරීමට එමගින් අදහස් කෙරේ.