කටුගස්තොට – කුරුණෑගල මාර්ගයේ කිලෝමිටර් 0 2 ක් පමණ දුරින් මහල් 05ක වාණිජ කටයුත්තක් සදහා භාවිතා කරන තවදුරටත් ඉදිකෙරෙමින් පවතින ගොඩනැගිල්ලක් හදිසි ගිලා බැසීමකට ලක්ව තිබෙනවා. ඒ ඊයේ සවස 5.30 ට පමණයි.
මේ හේතුවෙන් කටුගස්තොට – කුරුණෑගල මාර්ගයේ නැවත දැනුම් දෙන තුරු බර වාහන ධාවනය කිරීමෙන් වළකින්නැයි, ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දීමක් සිදු කර තිබෙනවා. අදාල සිදුවීමේදී කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති බවයි පැවසෙන්නේ.