2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ සමාරම්භක උත්සවයට සහභාගී වීම සඳහා තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ජපානය බලා පිටත්ව ගොස් තිබෙනවා.
මේ පිලිබදව ට්විටර් සටහනක් තබමින් නාමල් රාජපක්ෂ මහතා සදහන් කරන්නේ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරි ගැන්වීම සහ අන්තර් ජාතික ඔලිම්පික් කමිටු නිලධාරීන් මෙන්ම ජපාන රජය සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවන බවයි.