News Line| Off Air
Generic placeholder image

Aug
5

සතියකට මුර දෙකක් යටතේ රාජ්‍ය සේවකයින් සේවයට කැඳවීමට එකඟතාවයක්

540 Views


සතියකට මුර දෙකක් යටතේ රාජ්‍ය සේවකයින් සේවයට කැඳවීමට එකඟතාවයක්

රාජ්‍ය සේවකයින් සතියකට මුර දෙකක් යටතේ රාජ්‍ය සේවකයින් සේවයට කැඳවීමට එකඟතාවය පළවී ඇතැයි රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා සදහන් කරනවා.

මේ පිලිබදව අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් සදහන් කලේ, “මේ වෙනකොට රාජ්‍ය සේවයේ සිටිනවා අවුරුදු 18 සහ 30 අතර යම් පිරිසක් එන්නත ලබානොගත්. ඒ සියලු දෙනාට කඩිනමින් එන්නත් ලබා දෙනවා. ඒ වගේම රාජ්‍ය සේවයේ ආයතන ප්‍රධානියාගේ අභිමතය පරිදි රාජ්‍ය පරිපාලන ලේකම්වරයා නිර්දේශ කරන පරිදි සතියකට මුර දෙකකට සේවයට කැඳවනවා. සඳුදා, අඟහරුවාදා, බදාදා කියන දින 3 එක් කණ්ඩායමකටත් බ්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා තවත් කණ්ඩායමකටත් සේවය ලබාදෙන්න පුළුවන් ආකාරයකට නව ක්‍රමවේදයක් හඳුන්වාදෙන්න එකඟතාව පළවුණා. ඒ වගේම රජයේ සේවයේ ඉන්න ගැබිනි මව්වරුන්ට තමන්ගේ නිවසේ සිට සේවය ලබාදෙන්න පුළුවන් ආකාරයට අවශ්‍ය පහසුකම සපයන්නත් ඒ වෙනුවෙන් අදාළ චක්‍රලේකය නිකුත් කරන්නත් තීරණය වුණා. ” යනුවෙනි.


News Articles
Latest Videos
Most Popular Post