News Line| Off Air
Generic placeholder image

Aug
9

ත්‍රීරෝදරථ රියදුරන්ට පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්

714 Views


ත්‍රීරෝදරථ රියදුරන්ට පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්

ත්‍රීරෝදරථ රියදුරන්ට පොලීසියෙන් විශේෂ දැනුම්දීමක් සිදු කරනු ලබනවා. ඒ රාත්‍රී කාලයේ දී මගීන් රැගෙන යාමේදී ත්‍රීරෝද රථ රියදුරන් විමසිලිවන්ත විය යුතු බවයි. එලෙස ත්‍රීරෝද රථ වලට ගොඩ වන ඇතැම් අය අපරාධකරුවන් විය හැකි බැවින් ඒ පිලිබදව වහා විමසිල්ලෙන් කටයුතු කරන ලෙස ත්‍රීරෝද රථ රියදුරන් ට දැනුම් දෙනු ලබනවා.

ඊයේ දිනයේදී ද එවැනි සිදුවීමක් වාර්තා වී තිබෙන අතර අනුරාධපුර ප්‍රදේශයේ දී මෙලෙස ත්‍රීරෝද රථයකට ගොඩ වී ඇති පුද්ගලයින් දෙදෙනෙකු ත්‍රීරෝද රථය මංකොල්ලකා පළා ගොස් ඇති බවයි පැවසෙන්නේ.

කෙසේ වෙතත් මේ වන විට පැහැර ගත් ත්‍රීරෝද රථය සමග සැකකරුවෙක් පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post