News Line| Off Air
Generic placeholder image

Aug
21

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි තත්ත්වයේ වර්ධනයක්

1045 Views


දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි තත්ත්වයේ වර්ධනයක්

පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවයක් හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි තත්ත්වයේ වර්ධනයක් අද(21) සහ හෙට(22) යන දිනයන්හිදී අපේක්ෂා කෙරේ.

මධ්‍යම, ඌව, උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ සබරගමුව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතරඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ද ඇතිවිය හැක.මෙම ප්‍රදේශ වලඅහස වලාකුළින් බරව පවතිනු ඇත

දිවයිනේ සෙසු ප්‍රදේශ වල, විශේෂයෙන් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


News Articles
Latest Videos
Most Popular Post