මේ වන විට පවතින කොරෝනා වෛරසයේ ව්‍යාප්තියක් සමග රට තාවකාලිකවවසා දැමීම හේතුවෙන් ජීවනෝපාය අහිමි වී ඇති පවුල් සඳහා රුපියල් 2,000 දීමනාවක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.
ඒ අනුව මෙම දීමනාව හිමි වන්නේ රජයේ කිසිදු දීමනාවක් නොලබන අඩු ආදායම්ලාභී, ජීවනෝපාය අහිමි වූ පිරිස සදහා පමණක් ලබාදෙන අතර රාජ්‍ය සේවකයින්, විශ්‍රාමිකයින්, සමෘද්ධි ප්‍රතිලාභීන්, වැඩිහිටි , සියවස් පූර්ණ, ආබාධිත වැනි රජයේ මාසික දීමනාලාභීන් මෙම දිමනාව සදහා සුදුසුකම් නොලබයි.