රිජ්වේ ආර්යා ළමා රෝහලේ කොවිඩ් ආසාදිත දරුවන් 200 දෙනෙකු ප්‍රතිකාර ලබන බව ශල්‍ය වෛද්‍ය ඒකකයේ ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය නලින් සී. කිතුලවත්ත මහතා සදහන් කරනවා.
දැඩි සත්කාර ඒකකයේ මේ වන විට දරුවන් 7 දෙනෙකු ප්‍රතිකාර ලබන බවත් ඒ අනුව දැඩි සත්කාර ඒකකයේ උපරිම ධාරිතාව ඉක්මවා ගොස් ඇති බවත් ඒ මහතා වැඩි දුරටත් සදහන් කරනවා.