News Line| Off Air| Games
Generic placeholder image

Aug
31

ඔන්ලයින් වර්ජනය අඛණ්ඩව – ගුරු වෘත්තීය සමිති කියයි

355 Views


ඔන්ලයින් වර්ජනය අඛණ්ඩව – ගුරු වෘත්තීය සමිති කියයි

තම ඉල්ලීම් සඳහා කැබිනට් මණ්ඩලය දුන් විසඳුම් ප්‍රතික්ෂේප කරන බව ගුරු වෘත්තීය සමිති සදහන් කරනවා. එමෙන්ම ඔන්ලයින් වර්ජනය අඛණ්ඩව සිදු කරන බවත් එම සමිති අවදාරණය කරනවා. මේ පිලිබ්දව් අදහස් දක්වමින් ලංකා ගුරු සංගමයේ ලේකම්, ජෝසෆ් ස්ටාලින් මහතා සදහන් කරන්නේ ,

“කැබිනට් මණ්ඩලය ඊයේ සම්මත කරගෙන තියෙන්නේ ගුරුවරුන්ට ලබන මාසේ සිට රුපියල් 5,000 දීමනාවක් දීමත් 2018 අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉවත් කළ යෝජනාව කොටස් වශයෙන් අයවැය යෝජනාවක් යටතේ ලබාදීමත්. අපි පැහැදිලිව කරුණු ඉදිරිපත් කළා අනුකමිටුව ඉදිරිපත් කරන මේ වැටුප් යෝජනාව සම්පූර්ණ මුදලක් ලෙස ලබාදෙන්නත් ඒක සුබෝධනී වාර්තාවේ කොටසක් හැටියට ලබාදෙන්නත් කියලා. අපි ඉදිරිපත් කරපු මේ යෝජනාව සම්පූර්ණයෙන් නොසලකා හැරලා තියෙන්නේ. මේකෙන් හම්බවෙන්නේ රුපියල් 5,000 සිට 11,000 දක්වා වැටුප් වැඩිවීමක්. මේක කොටස් කරලා මොකක්ද ගන්න තියෙන්නේ ගුරුවරුන්ට.”


News Articles
Latest Videos
Most Popular Post