News Line| Off Air
Generic placeholder image

Sep
27

දිස්ත්‍රික්ක 05ක් සදහා නායයෑමේ අනතුරු ඇඟවීම්

690 Views


දිස්ත්‍රික්ක 05ක්  සදහා නායයෑමේ අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක 05ක ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ගාල්ල, කෑගල්ල, මාතර, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් සඳහා මෙලෙස නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇති අතර ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය සහ නෙළුව යන ප්‍රදේශ සඳහාත් කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට සහ රුවන්වැල්ල යන ප්‍රදේශ සඳහාත් මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස, කොටපොල, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව, රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහ‍ැළියගොඩ, කුරුවිට, කලවාන, නිවිතිගල සහ රත්නපුර යන ප්‍රදේශ සදහා මෙලෙස නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post