තරබාරු බව මේ වන විට ලෝකයේ ගොඩක් දෙනෙක් අත්විදින ගැටළුවක් බවට පත්ව තිබෙනවා. එය කායික මෙන්ම මානසිකව ද මිනිස්සුන් අත්විදින අතර තරබාරු බවින් මිදීම සදහා ද බොහෝ දෙනා විවිධ ක්‍රමවේදයන් අනුගමනය කරනවා.
තරබාරු බව බොහෝ මාරන්තික රෝග වලට ප්‍රධාන සාධකයක් වන බව අමතුවෙන් කිව යුතු කාරණයක් නොවේ. අද අපි කතා කරන්නේ ලෝක වසංගතයක් බවට පත්ව තිබෙන කොරෝනා වෛරසය සමග තරබාරු බවට ඇතිවෙන තවත් අවදානමක් ගැනයි..
ශරීරයේ බර අධික ලෙස වැඩි වීම කොරෝනා රෝගයේ අවදානම දැඩි කරන බවට කරුණු අනාවරණය වනවා.. විශේෂයෙන්ම මේ වන විට කොරෝනා වෛරසය අසාදනය වීමෙන් රෝහල්වල දැඩි සත්කාර ඒකක වල සිටින රෝගීන් දෙස බලන විට ඉන් බහුතරයක් අධික බර සහ ස්ථූල පුද්ගලයින් වන බවයි වාර්තා වන්නේ. ඒ ඔවුන්ට හුස්ම ගැනීමට සහ වකුගඩු ක්‍රියාකාරිත්වයට වැඩි සහයක් අවශ්‍ය වීම එක් හේතුවකි.
ස්ථූලභාව හේතුවෙන් හෘද රෝග, පිළිකා සහ දෙවන අදියරේ දියවැඩියාව ඇතුළු රෝග ගණනාවක අවදානම ද ඉහළ නංවනවා.. එමෙන්ම කොරෝනා වෛරසයට එරෙහිව සටන් කිරීමට ශරීරයට ඇති හැකියාව තරබාරු පුද්ගලයින් තුළ ප්‍රශස්ත මට්ටමක නොමැත.. ඊට හේතු වන්නේ, macrophages නම් ප්‍රතිශක්තිකරණ සෛල මගින් ඇති වන ප්‍රදාහය අපගේ මේද පටක ආක්‍රමණය කිරීමට හේතු වීමත් ආසාදනවලට අපගේ සෛල ප්‍රතිචාර දක්වන ක්‍රියාදාමයට මෙමගින් බාධා එල්ල වීමත් නිසාය.
මේ හේතුවෙන් තරබාරු බව හා කොවිඩ් – 19 අවදානමක් මතුව තිබෙනවා.. අප කොරෝනා වෛරස අවදානමෙන් මිදීම සදහාත් අධික තරබාරුකමින් මිදීම සදහාත් යහපත් සෞඛ්‍ය පුරුදු හා සෞඛ්‍ය සම්පන්න, සමබර ආහාර වේලක් අනුභව කිරීම සහ නිතිපතා ව්‍යායාම කිරීම ආදී දේ මගින් නිරෝගීමත් ව සිටීමෙන් මේ අවදානමෙන්ගැලවිය හැකිය..