News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
29

චීන කාබනික පොහොර ආනයනය නතර කෙරේ

595 Views


චීන කාබනික පොහොර ආනයනය  නතර කෙරේ

චීන සමාගමෙන් කාබනික පොහොර ආනයනය නොකරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සදහන් කරනවා. මේ පිලිබදව අදහස් පල කරමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සදහන් කලේ,

“අපි වගකිව යුතු රජයක් වීදියට ශ්‍රී ලංකාවේ භූමියට ශාකවලට හා සත්වයන්ට අහිතකර කිසිදු පොහොර වර්ගයක් ආනයනය නොකරන බවට අප මීට පෙර ලබාදුන් සහතිකය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරනවා. ඒ අනුව තමයි චීන සමාගමේ පොහොර නැවැත්වීමට තීරණය කළේ. පසුගිය රජය සමයේ රටට අපේ භූමියට අහිතකර පොහොර විශාල වශයෙන් ආනයනය කර තිබෙනවා. එම පොහොරවල අහිතකර ක්ෂුද්‍ර ජීවින් බැක්ටීරියාවන් තිබෙන බව රසායනාගාර පරීක්ෂණවලදී තහවුරු වී තිබීයදී එම රසායනාගාර වාර්තා වෙනස් කර අහිතකර පොහොර ගෙනවිත් ගොවින්ට බෙදා දී තිබෙනවා. එසේ වුවත් අප ජනතාවට වගකියන රජයක් විදියට කිසිදු අහිතකර පොහොර වර්ගයක් මෙරටට ගෙන්වන්නේ නැති බව අප ජනතාවට සහතික වෙනවා යනුවෙන්.


News Articles
Latest Videos
Most Popular Post