News Line| Off Air
Generic placeholder image

Sep
30

අද කාලගුණය

500 Views


අද කාලගුණය

දිවයිනට ගිනිකොණ දෙසින් වන පහල වායුගෝලයේ කැළඹිලි තත්වයක් වර්ධනය වීමේ හැකියාවපවතින බැවින්,හෙට සහ අනිද්දා ( ඔක්තෝම්බර් 1 සහ 2) යන දිනවල දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්වයේ වර්ධනය වීමක් අපේක්ෂා කෙරේ.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

උතුරු සහ නැගෙනහිර පළාත්වල උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැක.

ඌව, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වලත්හම්බන්තොට දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී 75 ක පමණ තරමක තද වැසි ද ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


News Articles
Latest Videos
Most Popular Post