News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
1

රාජ්‍ය සේවකයින් සේවයට කැදවීමට අදාළ චක්‍රලේඛය නිකුත් වෙයි

962 Views


රාජ්‍ය සේවකයින් සේවයට කැදවීමට  අදාළ චක්‍රලේඛය නිකුත් වෙයි

රාජ්‍ය සේවකයින් සේවයට කැදවීමට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා. රට නැවත විවෘත කිරීමේදී රාජ්‍ය සේවය පවත්වාගෙන යෑම සඳහා අත්‍යවශ්‍ය සේවකයින් පමණක් සේවයට කැඳවන ලෙස මෙහිදී ආයතන ප්‍රධානීන්ට උපදෙස් ලබාදී ඇත. එමෙන්ම සේවයට කැඳවනු ලබන නිලධාරීන් හැර සෙසු නිලධාරීන් සහ නිලධාරිනියන් සිය නිවසේ සිට මාර්ගගත ක්‍රමය ඔස්සේ රාජකාරී කිරීමට ක්‍රියා කළ යුතුය.

රාජ්‍ය සේවයට නැවත සේවකයින් කැඳවීමේ දී ගර්භණී නිලධාරිනියන්, කිරිදෙන මව්වරුන් හා විශේෂ රෝගාබාධ වලින් පෙලෙන නිලධාරීන් සේවයට නොකැදවීමට කටයුතු කළ යුතු බවට උපදෙස් ලබාදී ඇත. යම් හෙයකින් එම නිලධාරිනියන් හෝ නිලධාරීන් සේවයට කැඳවිය යුත්තේ අත්‍යවශ්‍ය අවස්ථාවලදී පමණක් බවත් එමෙන්ම ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැපයීම ද සිදුකළ යුතු බවට ආයතන ප්‍රධානීන්ට උපදෙස් ලබාදී ඇත.

නිලධාරීන් සේවයට වාර්තා කිරීමේ සහ පිටවීමේ ලේඛණයක් පමණක් පවත්වාගෙන යෑම ප්‍රමාණවත් බවට මෙහිදී උපදෙස් ලබාදී ඇත.

This image has an empty alt attribute; its file name is e65eb3b9-1-%E0%B6%B6.jpg


News Articles
Latest Videos
Most Popular Post