News Line| Off Air
Generic placeholder image

Oct
11

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඉහළට

997 Views


ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඉහළට

ගෑස් සමාගම් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දමා තිබෙනවා. මේ අනුව ලිට්‍රෝ සමගම විසින්, කිලෝ 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,257කින් වැඩිකර තිබේ. එහි නව මිල වන්නේ රුපියල් 2,750කි. කිලෝ 5ක් වු ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 503කින්ද කිලෝ 2.5ක් වු ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 231කින්ද වැඩි කිරීමට එම සමාගම තීරණය කර තිබෙනවා.

මේ අතර ලාෆ් ගෑස් මිලත් ඉහළ නැංවීමට එම සමාගම තීරණය කර තිබෙන අතර ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 984කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල රුපියල් 2,840ක් වේ. කිලෝ ග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක් 393කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල රුපියල් 1,136කි.


News Articles
Latest Videos
Most Popular Post