News Line| Off Air
Generic placeholder image

Oct
12

මෝටර් රථ අනතුරකින් පොලිස් නිලධාරියෙකු මිය යයි

576 Views


මෝටර් රථ අනතුරකින් පොලිස් නිලධාරියෙකු මිය යයි

කන්තලේ පොලීසියට අනියුක්තව සේවය කළ පොලිස් නිලධාරියෙක් මෝටර් රථ අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම අනතුර ඊයේ රාත්‍රී 11.00ට පමණ සිදුව ඇති අතර ත්‍රිකුණාමලයේ සිට කන්තලේ දක්වා ධාවනය වෙමින් තිබූ මෝටර් රථයේ වේගය පාලනය කරගත් නොහැකිව දුම්රිය හරස් මාර්ගයක ඇති ගේට්ටු කණුව ගැටී අනතුර සිදුව ඇති බවයි පැවසෙන්නේ.

මෙම අනතුරෙන් 55 හැවිරිදි පොලිස් නිලධාරියෙක් මිය ගොස් තිබෙනවා. මෝටර් රථය පැදවූ පොලිස් නිලධාරියා බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබෙන බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post