News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
21

දිවයිනේ ඇතැම් ස්ථානවලට මි.මී 100ට වැඩි තද වැසි

681 Views


දිවයිනේ ඇතැම් ස්ථානවලට මි.මී 100ට වැඩි තද වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 01.00 පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

මධ්‍යම, සබරගමුව, බස්නාහිර, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 100ට වැඩි තද වැසි ද ඇතිවිය හැක.

නැගෙනහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

මධ්‍යම, සබරගමුව,බස්නාහිර සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවල මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තුවිය හැක.


News Articles
Latest Videos
Most Popular Post