News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
23

නොවැම්බර් දෙවන සතිය තුල සුරාබදු දෙපාර්තමේන්තුව විසින් කරන ලද වැටලීම් විස්තරය

877 Views


නොවැම්බර් දෙවන සතිය තුල සුරාබදු දෙපාර්තමේන්තුව විසින් කරන ලද වැටලීම් විස්තරය

2021.11.08 දින සිට 2021.11.18 දින දක්වා නොවැම්බර් දෙවන සතිය තුල සුරාබදු දෙපාර්තමේන්තුව විසින් කරන ලද වැටලීම් විස්තරය පහත පරිදි වේ.

කොවිඩ් – 19 වසංගතය හේතුවෙන් සුරාබදු බලපත්‍ර ලත් මත්පැන් නිෂ්පාදනාගාර හා අලෙවි සැල් වසාදමා තිබූ කාල සීමාව තුල දිවයින පුරා නීති විරෝධී මත්පැන් කර්මාන්තයෙහි සීග්‍ර වර්ධනයක් ඇති වූ බව නිරීක්ෂණය කරන ලදි. සුරාබදු බලපත්‍ර ලත් මත්පැන් අලෙවි සැල් විවෘත කිරීමෙන් පසුවද නීති විරෝධී මත්පැන් සම්බන්ධයෙන් ඇති නැඹුරුව ඉහල මට්ටමක පැවතුණි.

මේ අනුව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් 2021 නොවැම්බර් හා දෙසැම්බර් යන කාල සීමාව විශේෂ සමූහ ග්‍රහණ කාලසීමාවක් ලෙස නම් කර ඇති අතර එම කාලසීමාව තුලදී දිවයිනේ සෑම ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි ඒ ඒ පලාත් භාර සහකාර සුරාබදු කොමසාරිස්වරුන් යටතේ එක් එක් පලාත්වලට අනුයුක්ත සියලුම සුරාබදු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් විශාල ප්‍රමාණයේ සමූහ වැටලීම් හා ග්‍රහණ සිදු කිරීමට නියෝග කර ඇත.

2021 නොවැම්බර් පලමු වන දින ආරම්භ කරන ලද එම වැඩසටහන මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක වන අතර 2021 / 11 / 08 දින සිට 2021 / 11 / 18 වන දින දක්වා වූ පලමු සතිය තුළ එම වැඩසටහන යටතේ සිදු කරන ලද සාර්තක වැටලීම් විස්තර පහත දැක්වේ.

සුරාබදු දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරනු ලබන පනත් යටතේ ග්‍රහණ වර්ගීකරණය.

ඉහතින් දක්වන ලද සාර්තක ග්‍රහණ සංඛ්‍යාව ඒ ඒ අපරාධ වල ස්වභාවය අනුව වර්ගීකරණය පහත පරිදි වේ.

සුරාබදු ආඥා පනත යටතේ සිදුකල සාර්ථක වැටලීම්.

වස, විස, අබිං හා අන්තරායකර ඖෂධ පිළිබද ආඥා පනත හා මාදක මනෝවර්තක පිළිබද සම්මුති පනත යටතේ සිදුකල සාර්ථක වැටලීම්.

දුම්කොළ බදු පනත හා දුම්කොල හා මද්‍යසාර පිළිබද ජාතික අධිකාරි පනත යටතේ සිදුකල සාර්ථක වැටලීම්.

සමස්ත දිවයිනම ආවරණය වන පරිදි සුරාබදු ස්ථාන 58කින්, විශේෂ මෙහෙයුම් ඒකක 05 කින් සහ මත්ද්‍රව්‍යනාශක අංශය මගින් ඉහත සදහන් ග්‍රහණයන් සිදු කොට ඇත.


News Articles
Latest Videos
Most Popular Post