News Line| Off Air
Generic placeholder image

Nov
26

දකුණු අප්‍රිකාවෙන් වේගයෙන් ව්‍යාප්ත වන කොවිඩ් ප්‍රභේදයක්

368 Views


දකුණු අප්‍රිකාවෙන් වේගයෙන් ව්‍යාප්ත වන කොවිඩ් ප්‍රභේදයක්

කොවිඩ් වෛරසය විවිධ ප්‍රභේද මතු කරමින් ලෝකය පුරා වසර 2 ක පමණ කාලයක සිට ව්‍යාප්ත වනවා.

සමස්ත ලෝක ජනගහනයෙන් මේ වන විට ලක්ෂ 50 කට වැඩි පිරිසක් මිය ගොස් අවසන්.

කොවිඩ් වෛරසය පැතිරෙන වේගය අනුව එහි විකෘතිතා ඇති වෙනවා.

කොවිඩ් ඩෙල්ටා ප්‍රභේද ඇතිවූයෙත් එලෙයයි. ඒ අනුව කොවිඩ් වෛරසයේ මුල් ස්වභාවය වෙනස් වෙමින් විවිධ ප්‍රභේද නිර්මාණය වෙමින් පවතිනවා.

දකුණු අප්‍රිකාවෙන් දැන් නව ප්‍රභේදයක් වාර්තා වී තිබෙනවා.

එය බී.1.1.529 ලෙස හදුන්වා තිබෙනවා.

සීඝ්‍ර ව්‍යාප්තියක් පෙන්නුම් කරන නව ප්‍රභේදය සාමාන්‍ය පී.සී.ආර් මඟින් හදුනා ගත හැකි බවයි වාර්තා වන්නේ.

මෙම නව ප්‍රභේදය ඩෙල්ටා ඇල්ෆා වැනි ඉංග්‍රීසි හෝඩියේ ආකාරයට නම් කිරීම අද බොහෝ විට ලෝක සෞඛ්‍ය සංවිධානය සිදු කිරීමට ඉඩ තිබෙනවා.

නව ප්‍රබේදය වාර්තා වීමත් සමඟ එහි ක්‍රියාකාරීත්වය සහ කොවිඩ් එන්නත් අතර ඇති සම්බන්ධතාව ද අලුතින් අධ්‍යයනය කිරීම ආරම්භ වී තිබෙනවා.

ලෝකයේ රටවල් ගනණාවක් දැනටමත් නව කොවිඩ් ප්‍රභේදය පිළිබඳව දැඩි අවධානය යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post