News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
6

ලොව දෛනික වැඩිම කොවිඩ් රෝගීන් අමෙරිකාවෙන්

530 Views


ලොව දෛනික වැඩිම කොවිඩ් රෝගීන් අමෙරිකාවෙන්

අමෙරිකා එක්සත් ජනපදය තුළ යලිත් දෛනික කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා.

මේ වන විට වාර්තා වන නව දෛනික කොවිඩ් රෝගීන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා ඇති බවයි එරට මාධ්‍ය පවසන්නේ.

වෛරසය හේතුවෙන් දිනකට පුද්ගලයන් 1600 ක් පමණ මිය යා හැකි බවයි එරට සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබෙන්නේ.

මින් පෙර මසකටත් වැඩි කාලයක් තුළ වාර්තා වූ මරණ සංඛ්‍යාව මෙතරම් ඉහළ මට්ටමක පැවතුණේ නැති බවයි වාර්තා වන්නේ.

අමෙරිකා එක්සත් ජනපදය තුළ වාර්තා වන නව අසදිතයින්ගෙන් බහුතරයක් තුළ ඩෙල්ටා වෛරස ප්‍රභේදය පවතින බව සඳහන්.

එසේ ම ඔමික්‍රෝන් වෛරසය ප්‍රාන්ත 15 කින් හඳුනාගෙන තිබෙනවා.

අමෙරිකා එක්සත් ජනපදය තුළ කොවිඩ් රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇත්තේ ගෙවුණු මාසය තුළ පැවති උත්සව හේතු කොට ගෙන බවයි එරට බලධාරීන් පෙන්වා දෙන්නේ.

ඔමික්‍රෝන් වෛරසය බෝවීමේ වේගය හා සැලකිය යුතු විකෘතිතා සංඛ්‍යාවක් පැවතීම නිසා මෙම වෛරසය ගැන සැලකිළිමත් විය යුතු බවයි එරට සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ.


News Articles
Latest Videos
Most Popular Post