තායිලන්තයෙන් පළමුවරට ඔමික්‍රෝන් ආසාදිතයෙකු හඳුනාගෙන තිබෙනවා.
ඒ ස්පාඤ්ඤයේ සිට තායිලන්තය වෙත පැමිණි අමෙරිකානු සංචාරකයෙක් බව තායිලන්ත සෞඛ්‍ය අංශ පවසනවා.
පසුගිය නොවැම්බර් මස 29 වනදා එම ආසාදිතයා තායිලන්තය වෙත පැමිණ තිබෙනවා.
මේ වන විට ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය රටවල් 47 කින් හඳුනාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.