News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
15

හම්බන්තොට ලොජිස්ටික් ජාත්‍යන්තර සේවා සැපයුම් මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අගමැති ප්‍රධානත්වයෙන් ඇරඹේ

442 Views


හම්බන්තොට ලොජිස්ටික් ජාත්‍යන්තර සේවා සැපයුම් මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අගමැති ප්‍රධානත්වයෙන් ඇරඹේ

මාගම් රුහුණු පුර මහින්ද රාජපක්ෂ වරාය පරිශ්‍රයේ ප්‍රථම බන්දිත ගබඩා සංකීර්ණය වන හම්බන්තොට ලොජිස්ටික් ජාත්‍යන්තර සේවා සැපයුම් මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (14) ආරම්භ කෙරුණා.

හෙක්ටයාර් එකක භුමි ප්‍රමාණයක් දක්වා විහිදෙන මෙම ගබඩා සංකීර්ණය ඉදිකිරීම් සංකේතවත් කරමින් අග්‍රාමාත්‍යවරයා සමරු පලකය නිරාවරණය කළා.

හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ ප්‍රධාන විධායක නිලධාරි ජොන්සන් ලියෝ මහතාගේ ආරාධනයෙන් මෙම අවස්ථාවට සහභාගී වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙරට චීන තානාපති කුවිෂන් හොන් මහතා ඇතුළු පිරිස සමඟ වරාය පරික්ෂයේ නිරීක්ෂණ චාරිකාවකට ද එක් වුණා.

හම්බන්තොට වරාය විසින් මේ වන විට අත්පත් කරගෙන ඇති ප්‍රගතිය සම්බන්ඳයෙන් සහ ඉදිරි සංවර්ධන වැඩ පිළිවෙළ ගැන මෙහිදී ප්‍රධාන විධායක නිලධාරී ජොන්සන් ලීව් මහතා අග්‍රාමාත්‍යවරයා දැනුවත් කළා.


News Articles
Latest Videos
Most Popular Post