News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
23

ඇෆ්ගනිස්ථාන වැසියන් දරුණු ආහාර හිඟයක – අමෙරිකා එක්සත් ජනපදය ඇෆ්ගනිස්ථානයට ආධාර සැපයීමට පියවර

483 Views


ඇෆ්ගනිස්ථාන වැසියන් දරුණු ආහාර හිඟයක – අමෙරිකා එක්සත් ජනපදය ඇෆ්ගනිස්ථානයට ආධාර සැපයීමට පියවර

තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ බලය අත්පත් කරගෙන සිව් මසක් ගත වී අවසන්. මේ වන විට ඇෆ්ගනිස්ථානය බරපතල ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටින බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් දින කිහිපයක සිට ඇෆ්ගන් ජනතාව දරුණු ආහාර හිඟයක් හමුවේ පිඩා විඳිමින් සිටිනවා.

මිලියන 23කට අසන්න ජනතාවක් ආහාර අර්බුදය හමුවේ පීඩාවට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ වන විට ඇෆ්ගනිස්ථානයට සහය දැක්වීමට අමෙරිකා එක්සත් ජනපදය කටයුතු කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

ඒ අනුව අමෙරිකා එක්සත් ජනපද භාණ්ඩාගාරය අමෙරිකනු සහ එක්සත් ජාතීන්ගේ නිලධාරීන්ට, රාජ්‍ය නොවන මානුෂීය සංවිධානවලට තලේබාන්වරුන් සමඟ ගනුදෙනු කිරීමට අවසර ලබාදෙන බලපත්‍ර නිකුත් කර තිබෙනවා.

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් තලේබාන් සංවිධානයට සම්බාධක පැනවීමෙන් තොරව ඇෆ්ගනිස්ථානයට ආධාර සැපයීමට අවසර ලබා දී ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.

අමෙරිකා එක්සත් ජනපද භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්වරයා පවසන්නේ ඇෆ්ගනිස්ථානය පුරා පවතින මානුෂීය අර්බුදය හමුවේ අමෙරිකාව ඇෆ්ගන් වැසියන්ට සහය සැපයීමට කැප වී සිටින බවයි.


News Articles
Latest Videos
Most Popular Post