කොවිඩ් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් චීනයේ යළිත් වරක් නගරයක් වසා දමා තිබෙනවා.
මෙලෙස වසා දමා ඇත්තේ චීනයේ උතුරු දිග නගරයක් වන ෂියැන් නගරයයි.
අද මධ්‍යම රාත්‍රියේ සිට නගරය වසා දැමීමට නියමිත අතර එය කුමන කාලයක් බලපැවැත්වෙනවාද යන්න මෙතෙක් ප්‍රකාශයට පත් කර නැහැ.
ෂියැන් නගරයේ පුද්ගලයින් මිලියන 13 කට අධික පිරිසක් මේ වන විට ජීවත් වනවා.