News Line| Off Air
Generic placeholder image

Dec
24

බොහෝ ප්‍රදේශවලට වැසි රහිත කාලගුණයක්

568 Views


බොහෝ ප්‍රදේශවලට වැසි රහිත කාලගුණයක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

අද උදෑසන නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල මල්තුහින තත්වයක් ඇතිවීමේ හැකියාවක් පවතින බව ද අදාළ නිවේදනයේ සඳහන් වනවා.

එසේම ඉදිරි දින කිහිපයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල රාත්‍රී සහ අලුයම කාලවල දී තරමක ශීත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරනු ලබන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නිවේදනයේ සඳහන් වනවා.

බස්නාහිර සබරගමුව, මධ්‍යම, උතරු මැද සහ ඌව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැකි බව ද එම නිවේදනයේ සඳහන් වනවා.


News Articles
Latest Videos
Most Popular Post