News Line| Off Air
Generic placeholder image

Dec
27

මේ දිනවල ජපානයේ දැඩි හිම පතනයක්

644 Views


මේ දිනවල ජපානයේ දැඩි හිම පතනයක්

මේ දිනවල ජපානයේ දැඩි හිම පතනයක් පවතින බවට වාර්තා වනවා.

මේ හේතුවෙන් අත්‍යවශ්‍ය කරුණකට හැර නිවසින් පිටවීමෙන් වළකින ලෙස බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

හිම පතනය වෙරළ ආශ්‍රිතව පුළුල් පරාසයක පැතිර ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එසේ ම සුළඟේ වේගය වැඩි වීමක් ද අපේක්ෂා කරන බවයි බලධාරීන් පවසන්නේ.

අධික හිම පතනය හේතුවෙන් හිම කුණාටු ඇති වීමේ අවධානමක් පවතින බවට එරට කාලගුණ විද්‍යා ආයතනය අනතුරු අඟවනවා.

විදුලි රැහැන් මත හිම රැදීම නිසා විදුලිය විසන්ධි විය හැකි බවයි බලධාරීන් පවසන්නේ.


News Articles
Latest Videos
Most Popular Post