කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදයට වඩා වේගයෙන් ඔමික්‍රෝන් ලෝකය පුරා පැතිර යන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ඊයෙත් අනතුරු ඇඟවූවා.
ඔමික්‍රෝන් ප්‍රභේදය බරපතල මාරාන්තික තත්ත්වයන් ඇති කිරීම අවම බව විශේෂඥ මතයයි.
නමුත් ව්‍යාප්තවීමේ වේගය ඉතා ඉහළ අගයක් ගන්නවා.
මේ වන විට අමෙරිකා එක්සත් ජනපදයේ ගෙවුණු සතිය තුළ පමණක් නව කොවිඩ් ආසාදිතයින් ලක්ෂ දෙකක් ඉක්මවා වාර්තා වී තිබෙනවා.
ඒ බව එක්සත් ජනපද රෝග පාලන හා වැළක්වීමේ මධ්‍යස්ථානය නිළ වශයෙන් සනාථ කර ඇති බවයි මාධ්‍ය වාර්තා කරන්නේ.
මෙසේ රෝගීන් සීඝ්‍රයෙන් ඉහළ යාමට හේතුව ඔමික්‍රෝන් ප්‍රභේදය බවයි රෝග වැළක්වීමේ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ රොෂෙල් වැලෙන්ස්කි පවසා ඇත්තේ.