සඟවා තිබූ ආහාර සොයා ඊයේ පිටකොටුවේ වැටලීම් කිහිපයක් සිදු කළා.
ඒ පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරිනුයි.
මෙහිදී සඟවාගෙන තිබූ කිරිපිටි විශාල ප්‍රමාණයක් සොයාගනු ලැබුවා.
එම ස්ථානයේදී ම අද පවතින මිලට එම කිරිපිටි මිලදී ගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව ලැබුණා.