News Line| Off Air
Generic placeholder image

Jan
2

අද කාලගුණය

621 Views


අද කාලගුණය

උතුරු, අතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

උතුරු, අතුරු මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මී.මී 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැක.

උතුරු, නැගෙනහිර, පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් විටින විට හමන පැ.කි.මී. 40 පමණ තරමක තද සුළං බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වා තිබෙනවා.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී මීදුම සහිත තත්ත්වයක් පවතිනවා.


News Articles
Latest Videos
Most Popular Post