සපුගස්කන්ද තෙල් පිරිපහදුව අද සිට යළි වසා දැමෙනවා.
තාවකාලිකව තෙල් පිරිහදුව වසා දැමුවද, රට තුළ ඉන්ධන හිඟයක් ඇති වන්නේ නැති බවයි අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පසුගියදා ප්‍රකාශ කලේ.
කෙසේ වෙතත් ඛනිජ තෙල් වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ පිරිපහදුව යළි වසා දැමීමට සම්පූර්ණයෙන් වගකිව යුත්තේ විශයභාර අමාත්‍යවරයා බවයි.
අද වැසෙන තෙල් පිරිපහදුව යළි මේ මස අග වන විට ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.