News Line| Off Air
Generic placeholder image

Jan
4

මන්ත්‍රී විජේදාසගෙන් චීන ජනපතිට සැර ලිපියක්

567 Views


මන්ත්‍රී විජේදාසගෙන් චීන ජනපතිට සැර ලිපියක්

පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා විසින් චීන ජනාධිපති ෂී ජින් පින් මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

එම ලිපිය කරුණු 45 කින් සමන්විතයි.

චීනය සහ ශ්‍රී ලංකාව අතර වර්තමානයේ හට ගෙන ඇති ගැටලුකාරී තත්ත්වයන් මෙම ලිපියේ වැඩි වශයෙන් අන්තර්ගත වනවා.

චීනය විසින් ශ්‍රී ලංකාවේ පුද්ගලයින්ට කොමිස් මුදල් විශාල ලෙස ලබා දීම පිළිබඳව ද විජේදාස මන්ත්‍රීවරයා සිය චෝදනාව මෙම ලිපියෙන් එල්ල කර තිබෙනවා.

ඉදිරියේ බලයට පත්වන රජයක දී ශ්‍රී ලංකාවට අහිතකර සියලු ගිවිසුම් අහෝසි කර දමන බවත් මන්ත්‍රීවරයා මෙම ලිපියෙන් ෂී ජින් පින් මහතාට පවසනවා.

එමෙන් ම සෙලන්දිවා හරහා යම් දේපලක් ශ්‍රී ලංකාවෙන් ලබා ගතහොත් සියල්ල අවලංගු කර දමන බවත් ඊට කිසිදු ගෙවීමක් සිදු නොකරන බවත් විජේදාස මන්ත්‍රීවරයා චීන ජනාධිපතිවරයාට පවසා තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post