ප්‍රංශය ද නව කොවිඩ් රැල්ලකට මුහුණ දෙමින් සිටිනවා.
මේ පිළිබඳව එරට ජනපති එමානුවෙල් මැක්‍රොන් මාධ්‍යයට අදහස් දක්වා තිබෙනවා.
එහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ එන්නත් ගත්තේ නැති පුද්ගලයින් රටටම කරදරයක් වී ඇති බවයි.
ඔවුන්ව සිරගත කළ යුතු බව ද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.
ඒ සඳහා ඔහු භාවිත කර ඇති ඉංග්‍රීසි වචන කිහිපය වනයේ “I won’t send unvaccinated people to prison” ලෙසයි.
ඒ සමඟ ප්‍රංශ ජනාධිපතිවරයා එම ප්‍රකාශය තවදුරටත් විග්‍රහ කර තිබෙනවා. එහි දී ඔහු පවසා ඇත්තේ ආපනශාලා, කෝපිහල්, සිනමාශාලා වැනි කිසිදු ස්ථානයකට එන්නත් ගත්තේ නැති අයට ඇතුළු වීමට ඉඩ දෙන්නේ නැති බවයි.
ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්ගේ ප්‍රකාශය ජනාධිපති තනතුරට සුදුසු නැති බවයි සමහර මාධ්‍ය ප්‍රකාශ කර ඇත්තේ.
ඊට පිළිතුරු ලෙස ඔහු පවසා ඇත්තේ තමා බලහත්කාරයෙන් එන්නත්කරණයට යන්නේ ඇති බවයි.
නමුත් “එන්නත් ගන්නේ නැති අයව හිරේ දැමිය යුතු ය.” යන්නෙන් අදහස් කළේ ඔවුන් හුදකලා කිරීම යන බව ද ඔහු පෙන්වා දෙනවා.
කෙසේ වෙතත් ප්‍රංශය පුරා ද ඔමික්‍රෝන් සීඝ්‍රයෙන් පැතිර යමින් තිබෙනවා.
එසේම නව කොවිඩ් ප්‍රභේදයක් පිළිබඳව ද ප්‍රංශයෙන් වාර්තා වනවා.
නමුත් එම තොරතුරු තවමත් තහවුරු වී නැහැ.