News Line| Off Air
Generic placeholder image

Jan
12

ජැකොවික් අසත්‍ය තොරතුරු ලබා දුන් බවට වරද පිළිගනී

579 Views


ජැකොවික් අසත්‍ය තොරතුරු ලබා දුන් බවට වරද පිළිගනී

සුපිරි ටෙනිස් ක්‍රීඩක නොවැක් ජැකොවික් අසත්‍ය ප්‍රකාශයක් සිදු කළ බව පිළිගෙන තිබෙනවා.

මෙය සිදු වී ඇත්තේ ඔහුගේ නියෝජිතයාගේ වරදින් බවයි නොවැක් ජැකොවික් පවසන්නේ.

සුපිරි ටෙනිස් ක්‍රීඩක නොවැක් ජැකොවික්ට මීට දින කීපයකට පෙර ඔස්ට්‍රේලියානු රැදවුම් භාරයේ සිටීමට සිඳු වුණා.

ඒ ඔහුට කොවිඩ් මර්දන එන්නත් ලබා ගත් බවට සාක්ෂි ඉදිරිපත් කිරීමට නොහැකි වීම හේතුවෙන්.

දින කීපයක් පුරා රැදවුම් භාරයේ සිටි ජැකොවිට් ජනවාරි 10 වනදා එම චෝදනාවෙන් නිදහස් කරනු ලැබුවා.

ඒ පසුගිය දෙසැම්බරයේ ඔහුට කොවිඩ් වෛරසය වැළදීම නිසා අදාළ කාලසීමාව තුළ එන්නත් ලබා දීමට නොහැකි බව සාක්ෂි සහිතව ඉදිරිපත් කළ නිසායි.

මේ වන විට නොවැක් ජැකොවික් පිළිබඳ තවත් පුවතක් වාර්තා වනවා.

ඒ ඔහු ඔස්ට්‍රේලියාවට ඇතුළුවීමට පෙර ජැකොවික්ගේ නියෝජිතයා පිර වූ පෝරමයේ සිදු වී ඇති වරදක් සම්බන්ඳයෙන්.

එම පෝරමයේ ඔහුගේ සංචාරක ඉතිහාසය සඳහන් කිරීමේ දී තම නියෝජිතයා වැරදි තොරතුරු දී ඇති බව නොවැක් ජැකොවික් පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ ඔහුගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ අදහස් දක්වමින්.

ඔස්ට්‍රේලියාවට පැමිණීමට පෙර සති දෙක තුළ ජැකොවික් සර්බියාවට සහ ස්පාඤ්ඤයට ගොස් ඇති බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post