අපේ රටේ මැතිවරණ දිගින් දිගටම කල් යනවා.
එවන් පසුබිමක පළාත් පාලන ආයතන සභිකයින්ගේ ධූර කාලය දීර්ඝ කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.
ඒ රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතායි.
ඒ අනුව නගර සභා, මහ නගර සභා සහ ප්‍රාදේශීය සභාවල සභිකයින්ගේ ධුර කාලය අවසන් වන දිනය 2023 වසරේ මාර්තු මස 19 වන දින දක්වා දීර්ඝ කර තිබෙනවා.