News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
17

දුරුතු පොහෝ දිනය අදයි

503 Views


දුරුතු පොහෝ දිනය අදයි

අදට (17) නව වසරේ මුල්ම පොහෝ දිනය වන දුරුතු පොහෝ දිනය යෙදී තිබෙනවා.

ලක්වාසී බෞද්ධයන් මහත් හරසරින් සිහිපත් කරනු ලබන බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය සිදු වු පොහෝ දිනය ලෙස දුරුතු පොහෝ දිනය සැලකෙනවා.

සුමන සමන් දෙවියන්ගේ ආරාධනයකට අනුව බුදුරජාණන් වහන්සේ ලක්දිවට වැඩම කොට ඇති අතර නැවත දඹදිවට වැඩ කිරීමට ප්‍රථම ලක්වාසී බෞද්ධයන්ට වන්දනා කිරීම සඳහා කේෂධාතූ මිටක් ලබාදුන් බවත් එම ධාතූ නිධන් කොට මහියංගනය චෛත්‍යයේ ඉදිකළ බවත් ශාසන ඉතිහාසයේ සඳහන් වනවා.

බෞද්ධ ඉතිහාසයේ සඳහන් වන්නේ බිම්බිසාර රජු විසින් බුදුන් වහන්සේ ඇතුළු මහා සඟරුවනට වේළුවනාරාමය පුජා කළේ ද දුරුතු පොහෝ දිනයක බවයි.

උරුවෙල් කාශ්‍යප, නදි කාශ්‍යප , ගයා කාශ්‍යප යන තුන්බෑ ජටිලයන් දමනය කිරීම ද අද වැනි පොහෝ දිනක සිදුව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post