News Line| Off Air
Generic placeholder image

Jan
20

ICC T20 කණ්ඩායමට වනිඳුත් නම් කරයි

460 Views


ICC T20 කණ්ඩායමට වනිඳුත් නම් කරයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් වසරේ පන්දුවාර විස්ස ක්‍රිකට් කණ්ඩායම නම් කර තිබෙනවා.

ක්‍රීඩකයින් 11දෙනෙකුගෙන් සමන්විත මෙම කණ්ඩායමට ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි දග පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග ද ඇතුළත්ව තිබෙනවා.

එම කණ්ඩායමේ නායකත්වය පාකිස්ථානයේ බාබර් අසාම්ට හිමිව තිබේ.

කඩුළු රකින ස්ථානය හිමිව ඇත්තේ මොහොමඩ් රිස්වාන් හටයි.

මෙහි විශේෂත්වය වන්නේ කිසිදු ඉන්දීය ක්‍රීඩකයෙකු හෝ එම කණ්ඩායමට ඇතුළත් නොවීමයි.

ICC T20 කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයන් පහතින්,

ජොස් බට්ලර්
මොහමඩ් රිස්වාන් 
බාබර් අසාම් (නායක)
ඒඩ්න් මාක්‍රම් 
මිචෙල් මාෂ් 
ඩේවිඩ් මිලර් 
ටබ්රේස් ශම්සි 
ජොෂ් හේස්ල්වුඩ් 
වනිඳු හසරංග 
මුස්ටෆිසුර් රහමන් 
ෂහීන් අෆ්රිඩි 


News Articles
Latest Videos
Most Popular Post