උණ රෝගී තත්ත්වයක් ඇති නම් වහා ප්‍රතිකාර ගන්නා ලෙස රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
වැඩි දුරටත් අදහස් දැක වූ ඒ මහතා,
“පහුගිය සතියක පමණ කාලයේ අපට පේනවා රෝගීන් ප්‍රමාණයේ වැඩිවීමක් වෙනවා. ඒ වගේම ඔක්සිජන් මත යැපෙන රෝගීන් ප්‍රමාණයේ යම්කිසි වැඩිවීමක් තියනවා.
දැඩිසත්කාර ඒකකවලට ඇතුළුවන රෝගීන්ගේ වැඩිවීමක් තිබෙනවා. ඒ නිසා මේ සම්බන්දයෙන් සෞඛ්‍ය අංශ විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා.
ජනතාවත් මේ සම්බන්දයෙන් අවදානය යොමු කරලා පරිස්සම් වෙන්න.
මේ දිනවල උණ තත්ත්වය නොසලකා හරින්න එපා.
විශේෂයෙන්ම නගර ආශ්‍රිතව ඩෙංගු රෝගයත්, වෛරස් රෝගයත් සහ කොවිඩ් වෛරසයත් තුනම එක හා සමානව පැතිරෙන නිසා උණ රෝග තත්ත්වයක් තියනවනම් ප්‍රතිකාර සඳහා යොමු වෙන්න. වෛද්‍යවරයෙක් හමුවෙන්න.”