News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
22

ඩෙංගු රෝග ව්‍යාප්තියේ සීඝ්‍ර වර්ධනයක්

604 Views


ඩෙංගු රෝග ව්‍යාප්තියේ සීඝ්‍ර වර්ධනයක්

ඩෙංගු රෝග ව්‍යාප්තියේ සීඝ්‍ර වර්ධනයක් මේ වන විට පෙන්නුම් කරනවා.

ජනවාරි මාසයේ මේ දක්වා කාලය තුළ පමණක් ඩෙංගු රෝගීන් 5,500ක් පමණ වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ නිමංකා පනිලහෙට්ටි මහත්මිය පැවසුවේ, එම රෝගීන්ගෙන් 60%ක් පමණ බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති බවයි.

ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසන්නේ, පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ සිට මෙලෙස දිවයිනේ ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක් පෙන්නුම් කරන බවයි.

ඒ අනුව සැප්තැම්බර් මාසය තුළ 1,370ක් , ඔක්තෝබර් මාසය තුළ 2,979ක් නොවැම්බර් මාසය තුළ 4,561ක් සහ දෙසැම්බර් මාසය තුළ 8,096ක් වශයෙන් රෝගීන් වාර්තා වී තිබෙනවා.

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ ඩෙංගු ව්‍යාප්තිය වැළැක්වීමට එම කාලවකවානුව තුළ ජනතාව වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍යවරිය,

“ජනවාරි මාසයේ මේ දක්වා රෝගීන් 5,500ක් පමණ වාර්තා වෙලා තියෙනවා. මෙයින් 60%ක් විතර වාර්තාවෙලා තියෙන්නේ බස්නාහිර පළාතෙන්. ඊට අමතරව ගාල්ලේ මහනගර සභා සීමාව හා කුරුණෑගල මහ නගර සභා සීමාවෙන් සැලකිය යුතු රෝගීන් ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා.

මහජනතාව තමන්ගේ වටපිටාව හා නිවස පිරිසිදු කොට මදුරුවන් බෝවන ස්ථානයන් ඉවත් කිරීමට කටයුතු කිරීම ඉතාම වැදගත්. නිරන්තරයෙන්ම සෝදිසි කිරීම් අවශ්‍යයි.

ඩෙංගු සහ කොරෝනා යන රෝග දෙකේම මුල් ලක්ෂණ එක හා සමානයි.

ඩෙංගු රෝගය වැලඳුනාම බොහෝවිට උණ, හිසරදය, ඇස් යට වේදනාව, ඔක්කාරය, වමනය වගේ රෝග ලක්ෂණ ඇතිවෙනවා.

කොරෝනා රෝගයේ දී ශ්වසන රෝග ලක්ෂණ තමයි බහුලව ඇති වෙන්නේ. උගුරේ වේදනාව සමග හුස්ම ගැනීමේ අපහසුතාවය වැනි රෝග ලක්ෂණ.

එහිදී අපි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, රෝග විනිශ්චය සහ අවශ්‍ය උපදෙස් සඳහා වෛද්‍යවරයෙක් කරා යොමු වන්න. රෝහල්ගත වෙන්න අනියත බියක් ඇති විය යුතු නෑ.”


News Articles
Latest Videos
Most Popular Post