2021 වර්ෂයට අදාළ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද (22) පැවැත්වුණා.
මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින අපේක්ෂකයින් 340,508ක් බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී.ධර්මසේන මහතා පැවසුවා.
විභාග මධ්‍යස්ථාන 2,943ක දී ශිෂ්‍යත්ව විභාගය පැවති අතර විශේෂ මධ්‍යස්ථාන 108ක් ස්ථාපිත කර තිබුණා.
කිසිම දරුවකුට අසාධාරණයක් නොවන පරිදි කොවිඩ් – 19 වසංගත තත්ත්වය හමුවේ වුවද විභාගය පැවැත්වීමට කටයුතු කළ බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ.
ඒ අනුව කොවිඩ් ආසාදිත දරුවන්ට, කලාපයකට එක් විශේෂිත මධ්‍යස්ථානය බැගින් දිවයින පුරා මධ්‍යස්ථාන 108ක් ස්ථාපනය කර තිබුණා.
කොවිඩ් ආසාදිත දරුවන් තමාට ලඟම විභාග මධ්‍යස්ථානය වෙත ගොස් ඇන්ටිජන් පරීක්ෂණ වාර්තාව ලබා දී විශේෂ මධ්‍යස්ථානයේ දී විභාගයට පෙනී සිටීමට අවස්ථාව සලසා දීමටයි අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කළේ.