මහනුවර දිස්ත්‍රික්කයට අයත් උඩුනුවර / යටිනුවර ජල සම්පාදන ක්‍රමයේ කැන්දකඩුව සේවා ජලාශය සදහා අලුත් පොම්ප සවි කිරීම හේතුවෙන් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව, ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව අද (19) පෙරවරු 09.00 සිට පස්වරු 5.00 දක්වා පැය 08ක කාලයක් ජල සැපයුම අත් හිටුවීමට සිදුවන බවයි, ජල ප්‍රවාහන මණ්ඩලය පවසන්නේ.
ජල සැපයුම අත් හිටුවන ප්‍රදේශ ලෙස ගන්නෝරුව ජලසම්පාදන සේවා කලාපය සදහන් වනවා.
ජල සැපයුම අත් හිටුවීමෙන් පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාවය පිළිබඳ මණ්ඩලය කණගාටුව පල කළ සිටින අතර , ඉතා අරපිරිමැස්මෙන් ජලය පරිභෝජනය කරන ලෙස ජාතික ජලසම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
විමසීම සඳහා 1939 ඇමතුම් මධ්‍යස්ථානය ඇමතිය හැක.