News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
28

විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

515 Views


විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලටත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

උතුරු සහ උතුරු මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවයි අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

සබරගමුව සහ දකුණු පළාතේත්, කළුතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් කුරුණෑගල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බවද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post